Release
🔸Project I.G.I 01 ගේම් එක Release වෙලා අවුරුදු 3කට පස්සේ 2003 වර්ෂයේදී තමයි මේ ගේම් එක I.G.I Series එකේ දෙවෙනි කතාංගය විදිහට Release වුනේ. Sri Lanka Vs World 🔹 I.G.I 01 ගේම් එක වගේම මේ ගේම් එකත් ලංකාවේ හුඟක් ප්‍රසිද්ධ වුනු ගේම් එකක්. ඒ වගේම I.G.I 01 ගේම් එකට වඩා I.G.I 02 ගේම් එක බටහිර රටවල්වල ප්‍රසිද්ධ වුණා. Story, Characters & Places
🔸 හිටපු බ්‍රිතාන්‍ය SAS නිලධාරියෙකු මෙන්ම IGI ආයතනයේ [ Institute for Geotactical Intelligence ] විශේෂ රහස් නියෝජිතයෙක් වුනු David Jones තමයි මේ ගේම් එකෙත් ප්‍රධාන චරිතය වුනේ. ඒ වගේම චීන හමුදාවේ ජෙනරාල් වරයෙක් වුනු Wu Xing තමයි මේ ගේම් එකේ Jones ගේ ප්‍රධාන ප්‍රතිවාදියා විදිහට කටයුතු කලේ. තුන්වන ලෝක යුද්ධය ආරම්භ කිරීම තමයි මේ Wu Xing ගේ බලාපොරොත්තුව වෙලා තිබුනේ. 🔹රුසියානු පාතාල කල්ලියක් විසින් ඇමරිකානු යුධ කඳවුරකින් අධි තාක්ෂණික EMP චිප් කොටස් වගයක් සොරකම් කරනවා. මෙම චිප් කොටස් සොයා මධ්‍යම යුරෝපයේ Carpathian කඳුකරය වෙත Jones පැමිණෙනවා. Jones විසින් එම චිප් කොටස් සොයා ගත්තත් ඔහුගේ මෙහෙයුම් ප්‍රධානියා වුනු Phillip White සහ ගුවන් නියමුවා වුනු Robert Quest කියන පුද්ගලයින් දෙදෙනා ඔහුට ද්‍රෝහි වෙලා මෙම චිප් කොටස් ඔහුගෙන් පැහැර ගන්නවා. 🔸තමාගේ උපදේශිකාව වුනු Rebecca Anya ගේ සහ නීති විරෝධී අවි ජාවාරමේ යෙදුණු Jach Priboi ගේ උදව් ඇතිව David Jones විසින් තමාට ද්‍රෝහි වුනු White සහ Quest ව සොයා ගන්නවා. එහිදී ඔහු දැනගන්නවා මේ කුමන්ත්‍රණය පිටුපස සිටින ප්‍රධාන පුද්ගලයා ජෙනරාල් Wu Xing බව. Wu Xing ව පරාජය කර තෙවන ලෝක යුද්ධයක් ඇතිවීම වැලැක්වීම තමයි Jones ට ලැබෙන අවසන් අභියෝගය වෙන්නේ. මෙම සිදුවීම් අතරවාරයේ දී Jones විසින් සිදුකරන්නාවූ සටන් සහ ක්‍රියාදාමයන් ඇසුරින් තමයි මේ ගේම් එකේ Gameplay එක නිර්මාණය කරලා තිබුනේ. 🔹රුසියාව, යුක්රේනය, රුමේනියාව, ඊජිප්තුව, ලිබියාව සහ චීනය යන රටවල්වල තිබුනු ස්ථාන ඇසුරින් තමයි මේ ගේම් එකේ තිබුනු මනංකල්පිත ස්ථාන නිර්මාණය කරලා තිබුනේ. Gameplay 🔸ගිනි අවි වලින් වෙඩි තැබීමට අමතරව C4 පුපුරන ද්‍රව්‍ය මඟින් ගොඩනැඟිලි විනාශ කිරීම, Lock Picks භාවිතා කර අගුල් කැඩීම, Safe Crackers භාවිතා කර සේප්පු විවෘත කිරීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම් මේ ගේම් එකේ Gameplay එකට ඇතුලු කරලා තිබුනා. 🔹පලවෙනි ගේම් එකේ තිබුන දුර්වලතා කිහිපයකට පිළියම් යොදලා තමයි මේ ගේම් එක නිර්මාණය කරලා තිබුනේ. උදාහරණයක් විදිහට Mission එකක් මැදදි ගේම් එක Save කිරීමේ අවස්තාව ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. ඒ වගේම පලවෙනි ගේම් එකේ තිබුනේ නැති Multiplayer Mode එකක් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. එසේම ක්‍රීඩකයාගේ පහසුව තකා පලවෙනි ගේම් එකට සාපේක්ෂව ලොකු Health Bar එකක් මේ ගේම් එකට Add කරලා තිබුනා. Special Facts 🔸මේ ගේම් එකේ Missions නිර්මාණය කිරීම සඳහා 1991 වර්ෂයේදී ඉරාකයේ පලමු Gulf යුද්ධය සඳහා සහභාගී වුනු බ්‍රිතාන්‍ය Bravo Two Zero හමුදා කණ්ඩායමේ සාමාජිකයෙක් මෙන්ම හිටපු SAS නිලධාරියෙකු වුනු Chris Ryan ගේ ඍජු උපදේශකත්වය ලබා ගන්නත් Innerloop ආයතනය කටයුතු කරලා තිබුනා. 🔹මෙම ක්‍රීඩාවේ ප්‍රධාන දුෂ්ටයා චීන ජාතිකයෙකු වීම නිසාත් චීන හමුදාවේ ප්‍රතිරූපයට හානිවන අයුරින් මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබීම නිසාත් චීනය තුල මෙම පරිගණක ක්‍රීඩාව තහනම් කිරීමට එරට බලධාරීන් කටයුතු කලා. 🔸2003 වර්ෂය අගභාගයේදී මූල්‍යමය ගැටලු නිසා ඇති වූ ප්‍රශ්න හේතුවෙන් Innerloop Studios ආයතනය වසාදැමීමත් සමග Original I.G.I Series එකේ අවසානය සිදුවුණා.